Friday, February 10, 2012

සිතින් ආපසු...

ඒ හදිසි දුරකතන ඇමතුම මා දෙනෙතට කඳුළු නොඉනුවාම නොවේ.එහෙත් එය ඊටත් වඩා ඈතට ගිය මතකයන් මසිතින් අවදි කරවනු ලැබීය.
"පුතා අදත් ඉඳල හෙට උදෙන්ම යන්න."
එහි ගොස් එන සෑම විටම ඇය එසේ පවසයි.මා බොහහෝ විට එහි නතරවනුයේ ඇගේ පෙරැත්තයෙනි.ඈ මගේ හොඳම මිතුරාගේ මව වුවද මා මගේම මවමෙන් සලකන ලදී.එම නිවසින් පිටව එන එකඳු මොහොතක හෝ ඇගේ දෙපා වැඳිමට මා අමතක කළේ නැත.මින් තෙසතියකට පෙරද එසේමය.එහෙත් මින් මතුවට එසේ නොවෙනු ඇත.
මිතුර ප්‍රසන්න,
ඔබ එය හොදින්ම දන්නවා ඇත.නොහඬන්' මෙය ඔබට මෙන්ම මටද මහත් ශෝකයකි.

Saturday, November 20, 2010

අරුමයකි !

හද හැගුම් පුරවා
හිදිමි මම තවම ....‍.
දෙස බලා අනන්තය
ඔබ එන තුරා
හුන් තැනම .....

සිනහව කදුළ අතර
වෙනස කොපමණද?
අරුමයකි !
එය නුඔට
නොදැනුනේ මන්ද?

Saturday, July 24, 2010

වොලිබෝල් පෙරළිය - මාදම්පේ සේනානායක





2010 ජුලි 23 හා 24 යන දින දෙකේදී පැවැත්වූ පාසල් වොලිබෝල් තරගාවලියේ
අවසන් තරග සදහා මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් කණ්ඩායම් 4 ක් සුදුසුකම්
ලබා ඇත.
ඒ,
  • 14 න් පහළ බාලක

  • 16 න් පහළ බාලක

  • 18 න් පහළ බාලිකා

  • 18 න් පහළ බාලක

යන කණ්ඩායම් 4 යි.
එමෙන්ම ,

මධ්‍ය විද්‍යාලය,ආනමඩුව
  • 16 න් පහළ බාලිකා

  • 18 න් පහළ බාලිකා

ධර්මපාල විද්‍යාලය,ඇහැළියගොඩ
  • 14 න් පහළ බාලිකා

ඉබ්බාගමුව විද්‍යාලය,ඉබ්බාගමුව
  • 14 න් පහළ බාලිකා

දවිසමර විද්‍යාලය,සීදූව
  • 14 න් පහළ බාලක

ශාන්ත බර්නදෙත් විද්‍යාලය,පොල්ගහවෙල
  • 16 න් පහළ බාලිකා

කන්දෙපොළ විද්‍යාලය,රක්වාන
  • 12 න් පහළ බාලිකා

පුවරසන්කුළම විද්‍යාලය,අනුරාධපුර
  • 12 න් පහළ බාලිකා

විජයබාහු විද්‍යාලය,තොටගමුව
  • 12 න් පහළ බාලක

ශ්‍රී දේවානන්ද විද්‍යාලය,වැලිමඩ
  • 12 න් පහළ බාලක

ධම්මිස්සර විද්‍යාලය,නාත්තන්ඩිය
  • 18 න් පහළ බාලක

ලෙස අවසන් මහා තරග සදහා සුදුසුකම් ලබා තිබිණි.

මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ අවසන් තරග කණ්ඩායම් 8/16 ක්ම
වයඹ පළාතේ වීමත් එම කණ්ඩායම් 7/8 ක්ම පුත්තලම දිස්ත්‍රීක්කයේ වීමත්ය.


හලා/සේනානායක මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල) ,මාදම්පේ
  • 14 න් පහළ බාලක - අනුශූරතාවය

  • 16 න් පහළ බාලක - ශූරතාවය

  • 18 න් පහළ බාලිකා - ශූරතාවය

  • 18 න් පහළ බාලක - අනුශූරතාවය

දිනාගන්නා ලදී.

Sunday, July 11, 2010

ෆිෆා 2010 තරගය 63

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීමේ තරගය ඊයේ (10) දිනයේදී පැවැත්විණි.
උරුගුවේ හා ජර්මනිය අතර තරගය පැවැත්විණි‍.ජර්මනි කණ්ඩායම2:3 ක් ලෙස
ජයගනිමින් ‍තෙවන ස්ථානය ලැබීය.ජර්මනිය වෙනුවෙන් මෙලර් (19'),මාසල් (56'),සැමි (82') ද උරුගුවේ වෙනුවෙන්
එඩින්සන් (28'),ඩියගෝ (51'),ද ගෝලය බැගින් ලබා ගත්හ.







උරුගුවේජර්මනිය
2ගෝල3
16ප්‍රහාර18
6කෝනර් ප්‍රහාර12
1කහ පත්3
0රතු පත්0
48%හිමිකම%52%

Thursday, July 8, 2010

ෆිෆා 2010 තරග 62

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව ව‍ට දෙවන තරගයත් ඊයේ (7) දිනයේදී පැවැත්විණි.
ජර්මනිය හා ස්පාඤ්ඤය අතර තරගය පැවැත්විණි‍.ස්පාඤ්ඤ කණ්ඩායම 0:1 ක් ලෙස
ජයගනිමින් අවසන් ව‍ටය සදහා සුදුසුකම් ලැබීය.ස්පාඤ්ඤය වෙනුවෙන් කාර්ල්ස් (73') ගෝලයක් ලබා ගත්හ.







ජර්මනියස්පාඤ්ඤය
0ගෝල1
5ප්‍රහාර13
6කෝනර් ප්‍රහාර7
0කහ පත්0
0රතු පත්0
49%හිමිකම%51%

Wednesday, July 7, 2010

ෆිෆා 2010 තරග 61

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව ව‍ට අවසන් තරගයක් ඊයේ (6) දිනයේදී පැවැත්විණි.
උරුගුවේ හා නෙදර්ලන්තය අතර තරගය පැවැත්විණි‍.නෙදර්ලන්තකණ්ඩායම2:3 ක් ලෙස
ජයගනිමින් අවසන් ව‍ටය සදහා සුදුසුකම් ලැබීය.නෙදර්ලන්තය වෙනුවෙන් වෑන් බ්‍රොන්කොස්ට් (18'),
වෙස්ලි ස්නේජර් (70'),රොබන් (73')
ද, උරුගුවේ වෙනුවෙන් ඩියගෝ ෆෝලන් (41'), මැක්සිමිලායානෝ (90'+2) ද ගෝලය බැගින් ලබා ගත්හ.







උරුගුවේනෙදර්ලන්තය
2ගෝල3
12ප්‍රහාර11
4කෝනර් ප්‍රහාර5
2කහ පත්3
0රතු පත්0
47%හිමිකම%53%

ඩි ලා රූ ලංකා

ලොව ප්‍රමුඛ පෙළේ මුදල්, චෙක්පත් හා විනිමය මුද්‍රණ සමාගමක් වන ඩි ලා රූ සමාගමේ
ප්‍රධාන මෙහෙයුම් සදහා මධ්‍යස්ථානයක් 2010 ජුලි 05 වනදා ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලැබුවා‍.
මෙමගින් ශ්‍රී ලාංකිකයින් 150 කට නව රැකියා අවස්ථා හිමිවේ.නිදහසින් පසු ඇති වූ
සාමකාමී වාතාවරණයත් සමග ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සදහා ගොඩ නැගී ඇති සුභදායී
තත්වය මත 'ඩි ලා රූ ලංකා මුදල් හා ආරක්ෂිත මුද්‍රණ (පුද්ගලික‍) සමාගම' පිහිටුවා තිබේ.